Saturday, July 10, 2010


මට හිතෙන හැටියට නම් මේ ලෝකෙ වාසනවන්තම මිනිස්සු තමයි නළුවො.කොච්චර ලස්සන ෆන් ජීවිතද?විශේෂයෙන්ම හින්දි නළුවො.හැබැයි වයසට ගියාම බොලිවුඩ් නළුවො ගනන් ගන්නෙ නෑ.එතකොට යන්න ඕනෙ හොලිවුඩ් පැත්තට.ස්ටීවන් සීගල්...මට හිතේ දැන් හැටත් පැනල ඇති.ඒත් තවම රඟ පාන්නෙ විසිපහේ නිලියො එක්ක.නෑ නෑ මට වැරදුනා..ශාරුක්ටත් දැන් හතලිස් හතරක්ලු.මටනම් එදා ඉදලම ‍ෆිල්ම් පිස්සුව තිබුනා.මට මතකයි ශාරුක්ගෙ පළවෙනි චිත්‍රපටියත් මම බැලුවා.ඩර්,,....යාදූ...තේරී..නසර්.......එතකොට මට අවුරුදු නවයයි.
මට මේක ලියන්න හිතුනෙ ඒ වාගෙ පරණ මතකයක් නැවත අලුත් උන නිසා.ආද්මී කියන ‍ෆිල්ම් එකේ ගෞතමී එක්ක රඟපාන මිතූන් ව දැක්කම මටනම් හිතෙන්නෙ ලබන ආත්මෙවත් නළුවෙක් වෙන්න පිං කරන්න ඕනෙ කියලයි.මේක බලලම ඉන්නකෝ.

6 comments:

  1. උඹටත් මාර දේවල්නෙව හිතෙන්නෙ.. ඒකත් නරක නෑ. සල්ලි තියනවා, සමාජ ආකර්ශනය තියෙනවා. තව ඉතින් ගොඩක් දේවල් නිකන්ම හම්බෙනවනෙව .. ගොඩක් කියන්නෙ ගොඩාක්!

    ReplyDelete
  2. ඒත් ගොඩ දෙනෙක්ගේ ජීවිතේ අවුල් ජාලයක් නේද?

    පුලුවන් නම් වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න.

    ReplyDelete
  3. මාත් එක්තරා ෆිල්ම් පිස්සෙක් තමා, මං නම් ආසම ශාරුක්ට, මිනිහගේ ඇක්ටින් දැක්කම බඩ පපුව හෝස් ගාල යනව, අම්මපා මාත් මේ ආත්මේ බැරි උනොත් එන ආත්මේ හරි බොලිවුඩ් නලුවෙක් වෙනවා

    http://www.chootymalli.tk/

    ReplyDelete
  4. ඇත්ත උං මාර වාසනාවන්තයි . මිනිස්සු උංට දේවත්වයෙන් සලකන්නේ . හැබෑටම ඉතින් දෙවියෝ වගේ තමා

    ජයවේවා !!

    ReplyDelete
  5. dinesh මොකද සද්දයක් වත් නැත්තේ. දැන් මම දවස් ගානක් තිස්සේ එනවා . මොනවා හරි අලුත් දෙයක් ලියපංකෝ මචෝ අපට බලන්න .

    ජයවේවා !

    ReplyDelete
  6. ලංකාවේ නලුවන්ගේ නම් ජීවිතය මම හිතන්නේ අපි දකින තරම් ම සුන්දර නෑ මලේ

    ReplyDelete