Saturday, July 10, 2010


මට හිතෙන හැටියට නම් මේ ලෝකෙ වාසනවන්තම මිනිස්සු තමයි නළුවො.කොච්චර ලස්සන ෆන් ජීවිතද?විශේෂයෙන්ම හින්දි නළුවො.හැබැයි වයසට ගියාම බොලිවුඩ් නළුවො ගනන් ගන්නෙ නෑ.එතකොට යන්න ඕනෙ හොලිවුඩ් පැත්තට.ස්ටීවන් සීගල්...මට හිතේ දැන් හැටත් පැනල ඇති.ඒත් තවම රඟ පාන්නෙ විසිපහේ නිලියො එක්ක.නෑ නෑ මට වැරදුනා..ශාරුක්ටත් දැන් හතලිස් හතරක්ලු.මටනම් එදා ඉදලම ‍ෆිල්ම් පිස්සුව තිබුනා.මට මතකයි ශාරුක්ගෙ පළවෙනි චිත්‍රපටියත් මම බැලුවා.ඩර්,,....යාදූ...තේරී..නසර්.......එතකොට මට අවුරුදු නවයයි.
මට මේක ලියන්න හිතුනෙ ඒ වාගෙ පරණ මතකයක් නැවත අලුත් උන නිසා.ආද්මී කියන ‍ෆිල්ම් එකේ ගෞතමී එක්ක රඟපාන මිතූන් ව දැක්කම මටනම් හිතෙන්නෙ ලබන ආත්මෙවත් නළුවෙක් වෙන්න පිං කරන්න ඕනෙ කියලයි.මේක බලලම ඉන්නකෝ.